රතු තොල් *** කොල්ලාගෙන් තවත් ලිපියක්.. එජාපයේ තවත් රහස් එළිවේ sriavtvnetwork news

රතු තොල් *** කොල්ලාගෙන් තවත් ලිපියක්.. එජාපයේ තවත් රහස් එළිවේ..


සුදත් චන්ද්‍රසේකර වන මේ ලියුම්කරුත්,මේ ලියුම්කරුගේ කණ්ඩායමත් රට පුරා ගම් නියම්ගම් සිසාරා ගොස් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිධානය කිරීමේදී එම පාක්ෂිකයින් අපගේ වචනය විශ්වාස කොට,පිළි ගෙන ඒ අයගේ දරුපවුල්, රැකී රක්ෂා, ව්‍යාපාර අමතක කොට, දිවි හිමියෙන් එකා වගේ අප සමග අත් වැල් බැද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්හ.
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂක ජනරාල් වශයෙන් මේ ලියුම්කරු ගමින් ගමට ගොස් පාක්ෂිකයා එක් රැස් කරමින් සංවිධානය කළ ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අප පාක්ෂිකයින් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැප කිරීම්වලට කෘතගුණ සැලකීමක් හෝ නිසි ඇගයීමක් සිදු නොවූ බැවින් මේ ලියුම්කරු සිය සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූවද ඒ අය වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටීම සිය වගකීමක් බව මේ ලියුම්කරු අමතක නොකරමි.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකින් පරාජය වූ විගසම අසන්නට ලැබෙන පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ අපට තවත දුරටත් කිසිදු අපූර්වත්වයක් ගෙන නොදේ.එක්සත් ජාතික පක්ෂය 1994 සිට පරාජය වූ සෑම මැතිවරණයකින්ම පසුව, මෙම පක්ෂ ප්‍රථිසංවිධානය ඉදිරියට දමා පරාජයේ විලි වසා ගැනීමට නායකත්වය උස්සාහ දැරීය.
මෙවර පැවැත්වූ පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසුව නැවත වරක් සුපුරුදු පරිදි ප්‍රතිසංවිධාන නාටකය කරළියට පැමිණ ඇත.මේ නාටකය අවසානයේ සිදු වන්නේත් ඉතිහාසයේ සිටම සිදු වූ පරිදි නටපු තොවිලයකුත් නැතිවම බෙරේ පඵව ද නැතිවීමය.ඒ අනුව මේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ ද තවත් පුස් වෙඩිල්ලක් වනවා නිසැකය.
එක්සත් ජාතික පක්ෂයේ 2018 ප්‍රතිසංවිධාන නාටකයේ අවසානය පිළිබදව අනාවැකියක් පළ කළ හොත් එම නාටකය මෙසේ අවසන් විය හැකිය.
එක්සත් ජාතික පක්ෂයේ නායක,රනිල් වික්‍රමසිංහ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස.එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්.එක්සත් ජාතික පක්ෂයේ සභාපති තලතා අතුකෝරාළ.එක්සත් ජාතික පක්ෂයේ භණ්ඩාගාරික ඉරාන් වික්‍රමරත්න.එක්සත් ජාතික උප නායකවරුන් රවි කරුනානායක,මංගල සමරවීර,සරත් ෆොන්සේකා,රාජිත සේනාරත්න,රංජිත් මද්දුම බණ්ඩාර.එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සුජීව සේනසිංහ.එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යොෂ්ඨ උප සභාපතිවරුන් ලක්ෂ්මන් කිරිඇල්ල,දයා ගමගේ,නවීන් දිසානායක.එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරුන් සාගල රත්නායක,අජිත් පී පෙරේරා.එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම්වරුන් රුවන් විජයවර්ධන හර්ෂ ද සිල්වා.
ඉහත ආකාරයට හෝ ඊට සමාන ලෙසට තනතුරු බෙදා ගැනීමක් සහ ඔඵ ගෙඩි මාරුවක් හැර පුළුල්,සාධනීය සහ ජනතාව ඉල්ලා සිටින සබැ ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තු විය නොහැක.ඉහත සදහන් තනතුරු සදහා වගකීම් බෙදා හැරීමක් හෝ බලය බෙදා හැරීමක් නම් මේ ලියුම්කරු දන්නා ආකාරයට කිසි දිනෙක සිදු නොවිණි.
එම තනතුරු හුදෙක්ම නාමමාත්‍රික තනතුරුම පමණක්ම වූ අතර එහෙයින් එම තනතුරුවලින් එක්සත් ජාතික පක්ෂයට සහ අසරණ පාක්ෂිකයාට නම් සිදු වූ සිදු වූ සේවයක් නොමැත.එදා සිට සියලුම තීන්දු තීරණ ගනු ලැබුවේ රාජකීය ගජ මිතුරු කැළ විසිනි.
එම නිසා මෙවරවත් තනතුරු භාර ගැනීමේදී වගකීම් සහ බලය සහිත තනතුරක් භාර ගෙන එක්සත් ජාතික පක්ෂයටත් පාක්ෂිකයාටත්, ජනතාවටත් රටටත් සේවය කරන ලෙස තනතුරු හිමි වන අයගෙන් මේ ලියුම්කරු ආයාචනය කර සිටියි.
එසේ නොමැතිව ලබා ගන්නා තනතුරෙන් එක්සත් ජාතික පක්ෂයට, පාක්ෂිකයාට, ජනතාවට රටට, ඔබට කළ හැකි සේවය කුමක්ද?
අපි අවුරුදු විස්සකට වැඩි කාලයක් විපක්ෂයේ සිටිමින් අනන්ත දුක් කම්කටොඵවලට මුහුණ දුන්නෙමු. විපක්ෂයේ සිටි අප එක්සත් ජාතික පක්ෂය, 2015 ආණ්ඩු බලය ලබා ගත්තද, තවමත් සිටින්නේ විපක්ෂයේ සිටියාටත් වඩා අන්ත අසරණ තත්වයක බව අමුතුවෙන් කිය යුතුව නැත.
මෙසේ තවදුරත් ඉදිරියට ගිය හොත් 2020 දී යළිත් විපක්ෂයට යන්න එක්සත් ජාතික පක්ෂයට සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.එතැන් සිට නැවතත් 2030 වන තුරු, තවත් අවුරුදු දහයක්වත් විපක්ෂයේ සිටීමට එක්සත් ජාතික පක්ෂයට සිදු වනු ඇත. එවිට ඔබගේ ජීවිතයෙන් අවුරුදු තිස් පහකට ආසන්න කාලයක් ඔබ විපක්ෂයේය.
එනම් මෙම පරම්පරාවම විපක්ෂයේය.මීට පෙර පැවති ප්‍රතිසංවිධානවලින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයා ලබා ගත්තේ මොනවාද? තව දුරටත් මේ අන්ත අසරණ එක්සත් ජාතික පාක්ෂිකයින් මේ ආකාරයෙන් රැවටීම යුක්ති සහගතද? එක්සත් ජාතික පාක්ෂිකයින් ලෙස අප තවදුරටත් රැවටීම්වලට අසු විය යුතුද? ඒ ගැන දේශපාලන වශයෙන් සහ ගැඹුරින් ද මනසින් සහ හදවතින්ද සිතා බැලිය යුතු කාලය එළඹ ඇත. තීරණය ඔබ අප සතුය.ඔබට ජය..!
සුදත් චන්ද්‍රසේකර
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network