දේශපාලනය උඩු යටිකුරු වෙයි.. අගමැති රනිල් බැදුම්කර කොමිසම හමුවට..? ඇලෝසියස්ගේ SMS සාක්‍ෂි ලැබිලා..? Srilanka-politics

දේශපාලනය උඩු යටිකුරු වෙයි.. අගමැති රනිල් බැදුම්කර කොමිසම හමුවට..? ඇලෝසියස්ගේ SMS සාක්‍ෂි ලැබිලා..?

මහ බැංකු බැදුම්කර මගඩියෝ චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතන දත්ත විශ්ලේෂණයෙන් හෙලිව ඇති කරුණු අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර මගඩිය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවට කැදවීම සිදුවනු ඇති බව සමාජ ජාලා ඔස්සේ මත පල වෙමින් තිබේ.

අදාල දුරකතන දත්ත වාර්තාව අනුව ඇලෝසියස් විසින් යවන ලද කෙටි පණිවඩු කිහිපයකම ‘Hon.PM’, ‘Get a copy from PM’ ආදී වශයෙන් සදහන් වී ඇති අතර එහි PM ලෙස හදුන්වා ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ බවටද සාකච්චා වෙමින් ඇත.

එමෙන්ම අදාල බැදුම්කර මගඩිය වන අවස්ථාවේදීද ශ‍්‍රී ලංකා මහ බැංකුප පැවතුනේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අමාත්‍යංශය යටතේ වන අතර අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ විරෝදයක් ඇති වූ අවස්ථාවේදී අගමැතිවරයා විසින් තමන් වගකීම බාරගෙන ඔහු මහ බැංකු අධිපති ලෙස පත් කරන ලෙස කල යෝජනාව අනුව ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදු කරන ලදී.

කෙසේ වෙතත් අගමැතිවරයා මෙම කොමිසම හමුවට කැදවන්නේන නැද්ද යන්න සම්බන්ධයෙන් කොමිසම විසින් මේ දක්වා තීරණය කර නැති අතර යම් හෙයකින් එසේ වුවහොත් එජාපයේ බරපතල දේශපාලන ප‍්‍රතිවිරෝධයක් හටගනු ඇති අතර එය ආණ්ඩුවේ පැවැත්මටද ඉතා අහිතකර ලෙස බලපානු ඇත.

4,771 Viewers

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network